හිරු ක්ෂිතිජයෙන් පහලට බැස ගිය පසුත්, කිසියම් හිරු එළියක් දැකිය හැකිය. එයට හේතුව; පෘථිවි වායුගෝලය මගින් හිරු එළියෙන් සමහරක් වර්තනය හා පරාවර්තනය වී; විසිරී පැවතීමයි. මෙම වේලාව ගොම්මන් වේලාව ලෙස හැදින්වේ.